Wednesday, December 18, 2019



 ඒෂියන් ඒවියේෂන් ආයතනය මගින් මෙවරත් පාසල් නිවඩු සමය අලලා සැකසුනු විෂේෂ වැඩමුලුව මෙවරත් ඒෂියන් ඒවියේෂන් ආයතන පරිශ්‍රයේදී අද දින ආරම්භ කරන ලද අතර ඒ සඳහා පාසල් ලමුන් 300ට නොඅඩු පිරිසක් සහබාගී විය​.මෙය රත්මලාන එම ආයතන පරිශ්‍රය තුලදී වැඩිම සිසුන් සහබාගීත්වයකින් පවත්වන ලද වැඩමුලුව ලෙස හැදින්විය හැක​.මෙහිදී සිසුනට අවශ්‍ය මූලික දැනුම ඔවුනට නොඅඩුව ලාබාදීමට ප්‍රවීන ආචාර්‍ය මඩුල්ල යුහුසුරුව කටයුතු කරන ලදී.මෙම පුහුණු වැඩමුලුව සෑම වසරකම සෑම පාසල් නිවාඩු සමයකම පවත්වන අතර දිනෙන් දින සහබාගීත්වයේ වැඩිවීමෙන් පෙන්නුම් කරනුයේ මේ විෂය සඳහා ශ්‍රී ලංකික දරුවන්ගේ ඇති උනදුවේ ඉහලයාමේ ප්‍රවනතාවයි.මෙම වැඩමුලුව තවත් දින දෙකක් පුරාවට ක්‍රියත්මක වීමට නියමිත අතර මෙමගින් දරුවන්ගේ නැන නුවණ පැහැදීම ආයතනයේ එකම අරමුණයි.




No comments:

Post a Comment