ගුවන් නියමුවකු වීමේ සිහිනය .....
ඔබට
අවශ්‍ය ගුවන් නියමුවෙකු
වීමට නම් ඔබ සපුරා ගතයුතු
මූලික සුදුසුකම් කිහිපයක් ඇත.ශ්ර්රී
ලංකාව තුලදී ගුවන් නියමු සහතිකය ලබා ගැනීමට නම් ඔබ වෛද්ය
පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර එය කාන්ඩ දෙකක්
යටතේ සිදු කරනු ලබයි.මෙහිදී වානිජමය වටිනාකමක් සහිත ගුවන් නියමුවකු වීමට නම් පළමු ඛාන්ඩයේ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර,විනෝදාස්වාදය සඳහා ගුවන් නියමු බලපත්රය ලබා ගන්නේනම්
දෙවන ඛාන්ඩයේ
පරීක්ෂණයකට පෙනී සිටීම ප්‍රමානවත්ය.
ඉංග්රීසි බාශාවේ නිපුනතාව සහතික කිරීම අනිවාර්ය වේ.
ඔබ
වෘතීමය ගුවන් නියමුවෙකු වන්නට ආශා කරයිනම් පහත කාරනා සපුරා තිබිය යුතුය.
1.ආද්යාපන සුදුසු කම්-
සා/පෙළ-එකවර විෂයන් 6ක් සමත් වියයුතු
අතර ගණිතය,විද්යාව සහ ඉංග්රීසි
සම්මාන සාමර්ථ(C) තිබිය යුතුය.උසස් පෙළ විෂයන් 2ක් සමත්ව තිබීම
ප්‍රමානවත්ය.මීට අමතරව
UGC අනුමැතිය සහිත උපාදියක් තිබීම ලංකාව තුල ගුවන් නියමුවකු ලෙස ඇතුලත්වීමට අමතර සුදුසු කමක් වේ.(මෙය 2020 සිට ශ්ර්රී
ලංකන් ගුවන් සමාගම අනිවාර්ය කර ඇත.)
2.පළමු
ඛාන්ඩයේ වෛද්ය පරීක්ෂණය සමත්වීම.
3.ගුවන්
නියමු බලපත්‍ර-PPL/CPLIR/ATPL (ප්රායෝගික පුහුනුව
රහිත), මීට අමතරව බහුකාර්ය ගුවන් යානා
ශ්රේනිගත කිරීම තිබීම අනිවර්ය වේ.(Multiengine Rating)
සැ.යු-මෙය ශ්රී ලංකාවතුල ශ්ර්රී ලංකන් ගුවන් සමාගමට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසු කම් වන අතර අනෙකුත් ගුවන් සමාගම් සඳහා ආද්යාපන සුදුසු කම් අඩු වැඩි වශයෙන් වෙනස් විය හැක.
අපගේ
මීලග ලග ලිපියෙන් දීර්ඝ
විස්තරයක් බලාපොරොතු වන්න.